5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා යුද හමුදා භට පිරිස්
ප්‍රවාහන පහසුකම් සපයයි

ඔක්තෝම්බර් 16, 2023

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සිසුන් 22 දෙනෙකු සඳහා 5 ශ්‍රේණියේ විභාගයට පෙනී සිටීමට පාසල් 6 වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ප්‍රවාහන පහසුකම් ඊයේ (ඔක් 15) සලසා දී ඇත.

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ගේ උපදෙස් මත 61 වන පාබල සේනාංකයේ සහ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යුද හමුදාවේ යුනි බෆල්, බෝට්ටු, කැබ් රථ සහ ට්‍රක් රථ යොදා ගනිමින් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව යුධ හමුදා මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ගංවතුරින් විපතට පත්ව මාතර හිත්තැටිය රජමහා විහාරයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින පවුල් 72 ක සාමාජිකයින් 242 ක් සඳහා ගාල්ල සිද්ධාර්ථ පදනමේ කහගොල්ලේ සෝමරතන හිමියන් විසින් සනීපාරක්‍ෂක තුවා පැකට් 200 ක් සහ පානීය ජල බෝතල් 1000 ක් ලබා දුන් බවද වාර්තා වේ.