ශ්‍රී ලංකා යුද හමුදාව පුදුකුඩිඉරිප්පු ගොවීන්ට සහය වෙයි

ඔක්තෝම්බර් 26, 2023

පුදුකුඩිඉරිප්පු සහ සුදන්දිපුරම් ප්‍රදේශවල ගොවීන් විසින් අත්හැර දමන ලද කුඹුරු යළි අස්වැද්දීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 68 වන පාබල සේනාංකයේ භට පිරිස් සහය පසුගියදා ගොවීන් වෙත ලබා දෙන ලදි.

බිම් සකස් කිරීමේ කටයුතු සඳහා තුන්වන ස්වේච්ජා  විජයබාහු පාබල රෙජිමේන්තුව සහ නවවන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් සහය වී ඇති අතර බිත්තර වී ලබා දීම සඳහා ද මූල්‍ය ආධාර ලබා දී ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි සහ අදාළ රෙජිමේන්තු අණදෙන නිළධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකරන ලදී.