Trinco Dialogue - 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී
සාර්ථකව නිමාවට පත්වෙයි

ඔක්තෝම්බර් 30, 2023

‘Trinco Dialogue - 2023’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2023 ඔක්තෝබර් මස 27 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සු‍රේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

“Importance of Maritime Security in Realizing Sri Lanka’s Maritime Strategy” යන තේමාව පෙරදැරිව නාවික හමුදාවේ තරුණ නිලධාරීන්ගේ වෘත්තීය දැනුම පුළුල් කිරීමේ අරමුණින් 09 වන වරටත් පැවැත්වුණු මෙවර Trinco Dialogue - 2023 සාගරික සම්මන්ත්‍රණය සඳහා, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ කණිෂ්ඨ නිලධාරි මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් විසින් එහිදී සම්මන්ත්‍රණය සඳහා නිබන්ධන ඉදිරිපත් කිරීම සිදු කෙ‍රිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා සැපයුම් හා සේවා විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණිෂ්ඨ නිලධාරී අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ කණිෂ්ඨ නිලධාරි මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වි සිටියහ.

අනුග්‍රහය - www.navy.lk