යුද හමුදා සෙබළුන් පොළොන්නරුව රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරයි

නොවැම්බර් 04, 2023

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භටපිරිස් පොළොන්නරුව රෝහලේ ලේ බැංකුව හා සම්බන්ධ වෙමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පැවති ලේ දන්දීමේ වැඩසටහනකදී පසුගියදා ලේ පරිත්‍යාග කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 20 වැනි සංවත්සරය නිමිත්තෙන් සිදුකරන ලද මෙම වැඩසටහන සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ඇතුළු නිලධාරීන් සහ භට පිරිසක් එක් වූ බව යුද හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.