ජාත්‍යන්තර රතු කුරුස නියෝජිත කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දෙසැම්බර් 05, 2023

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත පිරිසේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී Severine Chappaz මහත්මිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (දෙසැ. 05) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහ චාපාස් මහත්මිය සුහද කතාබහක නිරත විය.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මෙරට සේවය අගය කරමින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් කියා සිටියේ හදිසි අවස්ථා වලදී එහි කාර්ය භාරය ප්‍රශංසනීය බවත් එහි ඉදිරි කටයුතු සඳහා සහය ලබා දෙන බවත්ය. රාජ්‍ය අමාත්‍යවරයාගේ ධෛර්යමත් වචනවලට ප්‍රතිචාර දක්වමින් චාපාස් මහත්මිය ද ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මෙහෙයුම් සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔහුට වෙත සිය කෘතඥතාව පළ කළාය.

මෙම අවස්ථාවට ICRC හමුදා වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන මහතා ද සහභාගී විය.