දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

දෙසැම්බර් 08, 2023

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නවතම කාලගුණ අනාවැකියට අනුව අද (දෙසැ. 08) පස්වරු 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති වීමට ඉඩ ඇත.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.

ගත වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මිලිමීටර් 150.6ක් ලෙස ගිරාඳුරුකෝට්ටෙන් ප්‍රදේශයෙන් සටහන් විය.