Bill & Melinda Gates පදනමේ නියෝජිත පිරිස
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 11, 2023

Bill & Melinda Gates පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අද (දෙසැ 11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම පදනමේ හදිසි ප්‍රතිචාර පිළිබඳ ගෝලීය සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, Dr. Valerie Bemo ප්‍රමුඛ දූත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම්ව පිළිගන්නා ලද අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී දකුණු ආසියාවේ සූදානම හරහා තිරසාර ජාතික අපේක්‍ෂාව දියත් කිරීමට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.

Bill & Melinda Gates පදනම හි හදිසි ප්‍රතිචාර, ගෝලීය සංවර්ධන ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී Pilar Pacheco මහත්මිය, ආසියානු ආපදා පෙර සූදානම් මධ්‍යස්ථානයේ ප්‍රතිචාර සහ ප්‍රතිසාධනය සඳහා සූදානම් වීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය සිසිර මදුරප්පෙරුම සහ නිර්මලා ප්‍රනාන්දු මහත්මිය ද මෙම නියෝජිත පිරිසට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ වැඩසටහන් කිහිපයක් ඇතුළුව කලාපයේ ආපදා අවදානම් අවම කිරීම සඳහා Bill & Melinda Gates පදනම දිගුකාලීනව සහාය ලබා දී ඇත.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ද සහභාගි විය.