නව ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 20, 2023

ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි අද (දෙසැ. 20) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශකවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, සුහද සාකච්ඡාවක් ද පැවැත්වීය. මෙම අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් ලුතිනන් කර්නල් නේගිගේ නව පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරු කර ගනු ලැබූ අතර, මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි විය.