ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් KRI DIPONEGORO- 365 නෞකාව දිවයිනට

දෙසැම්බර් 22, 2023

ශ්‍රී ලංකාවේ විධිමත් සංචාරයක් සඳහා ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් KRI DIPONEGORO- 365 නෞකාව බ්‍රහස්පතින්දා (දෙසැ. 21) කොළඹ වරායට සේන්දු විය.

මෙරටට පැමිණි ඉන්දුනීසියානු නාවික නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සාම්ප්‍රදායට අනුව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

මීටර් 90.71 ක් දිග KRI DIPONEGORO- 365 ඉන්දුනීසියානු යුධ නෞකාව නාවිකයින් 120 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබයි.

හෙට දින (දෙසැ. 23) මෙම නෞකාව දිවයිනෙන් පිටත් වීමට පෙර එහි කාර්ය මණ්ඩලය සංචාරක ආකර්ෂණය දිනාගත් දේශීය ස්ථාන කිහිපයක් නැරඹීමටද අපේක්ෂා කෙරේ.