යුද හමුදාව කොලඹුතුරේ පවුලකට නිවසක් ඉදි කරයි

ජනවාරී 02, 2024

17 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් කොලඹුතුරේ ප්‍රදේශයේ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලකගේ ජීවන තත්ත්වය නංවාලම සඳහා ඉදිකරන ලද නව නිවස පසුගියදා ප්‍රතිලභීන් වෙත භාර දෙන ලදි.

යුධ හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම 772 වැනි නිවස සඳහා මුල්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ කැනඩාවේ පදිංචි දොරේඅප්පා පවුල විසින් බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවස්ථාවට 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර ඇතුළු නිළධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක්ද සහභාගී වූහ.