නික්ම යන නවසීලන්ත මහ කොමසාරිස්වරයා ශ්‍රි ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 04, 2024

ශ්‍රි ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මැතිතුමා අද (ජන  4) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මහ කොමසාරිස්වරයා ජෙනරල් ගුණරත්න විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය.

මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම් අතර පැවති සුහද හමුවේදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා සිය ධුර කාලය තුළදී ආරක්‍ෂක අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව ආරක්‍ෂක ලේකම්වරයා වෙත පළ කළේය.

මේ අතර, නවසීලන්ත මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ එහි කාර්ය මණ්ඩලය වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව ද ජෙනරල් ගුණරත්න සිය ස්තූතිය පළ කළ අතර, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වූ ඔහුගේ සහය ද අගය කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම අවස්ථාවට සහභාගි විය.