‘INS Kabra’ නෞකාව නිළ සංචාරයක් සඳහා දිවයිනට

ජනවාරී 09, 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kabra නෞකාව පසුගිය සඳුදා (ජනවාරි 8) ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

මෙරටට පැමිණි ඉන්දියානු නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සාම්ප්‍රදායට අනුව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

55 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත දිගින් මීටර් 50ක් වන 'INS Kabra' නෞකාව වෝටර් ජෙට් වේග ප්‍රහාරක යාත්‍රා ගණයට අයත් වේ.

මෙම නෞකාව එළබෙන බදාදා (ජනවාරි 10) දිවයිනෙන් පිටත් වීමට නියමිත බවත් ඒ අතරතුර කාලයේදී, නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනේ ආකර්ෂණිය ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිත බව ද නාවික හමුදා මාධ්‍ය වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.