රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී
ජපාන අමාත්‍යවරයා හට සමුදෙයි

ජනවාරී 13, 2024

ජපානයේ මුදල් අමාත්‍ය, මුල්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සහ එරට මුල්‍ය අපහරණය භාර අමාත්‍ය ගරු සුසුකි ෂුනිචි මැතිතුමා සිය නිල සංචාරය නිම කර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නික්ම යන අවස්ථා‌වේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ජපාන අමාත්‍යවරයා හට සමුදෙන ලදි.

ජනවාරි 11 වන දින දිවයිනට පැමිණි ජපාන මුදල් අමාත්‍යවරයා සහ එම දුත පිරිස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඇතුළු විවිධ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ 12 වන දින නිල සාකච්ඡා කිහිපයක් පැවැත්වීය.

තවද, අමාත්‍ය ෂුනිචි ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ නැව් තටාකාංගනය සහ මහරගම ලංකා නිපොන් බිස්ටෙක් ආයතනයවල නිල සංචාරයක ද නිරත වීය.