‘PNS Saif’ කොළඹ වරායට

ජනවාරී 30, 2024

ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක් සඳහා පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS Saif නෞකාව අද (ජනවාරි 30) කොළඹ වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම නෞකාව පිළිගන්නා ලද බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

PNS Saif නෞකාවේ නැව්මුළුව නාවිකයින් 276 දෙනෙකුගෙන් සමන්විත වන අතර, මීටර් 123 ක් දිග Sword Class නෞකාවකි.

දිවයිනේ සිටින අතරතුර, කාර්ය මණ්ඩලය දිවයිනේ සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිතය. PNS Saif බ්‍රහස්පතින්දා (පෙබරවාරි 1) දින මෙරටින් පිටත්වීමට පෙර ශ්‍රී ලංකා නාවික නෞකාවක් සමඟ නාවික පුහුණු අභ්‍යාසයක (PASSEX) නිරතවීමට නියමිත බව එය වැඩිදුරටත් පවසයි.