ලාංකික ශිෂ්‍යභට බාලක බාලිකාවන් පිරිසක් ඉන්දියානු ජනරජ
දින උළෙල සඳහා සහභාගි වෙයි

පෙබරවාරි 03, 2024

පසුගිය ජනවාරි 26 දා ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවැති ඉන්දියානු ජනරජ දින උළෙල සඳහා ඉන්දියානු ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලැබුණු ආරාධනයකට අනුව ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා ඇතුළු ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් තිදෙනකු හා ශිෂ්‍යභට බාලක බාලිකාවන් දොළොස් දෙනෙකු සහභාගී විය.

ලෝකයේ රටවල් විසිපහක ශිෂ්‍යභට නිලධාරීන් හා ශිෂ්‍යභට බාලක බාලිකාවන් මෙම උත්සවයට සමගාමීව සූදානම් කර තිබූ ජාත්‍යන්තර ශිෂ්‍යභට කඳවුරට සහභාගි වූ අතර එම කඳවුරේදී අප ලාංකික ශිෂ්‍යභට බාලක බාලිකාවන් හා අනෙකුත් රටවල ශිෂ්‍යභට බාලක බාලිකාවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම හා සිය දක්ෂතා ලෝකයාට පෙන්වීම සිදුවිය.