ඉන්දීය ආරක්‍ෂක කළමනාකරණ විද්‍යාලයේ නියෝජිත පිරිසක්
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පෙබරවාරි 05, 2024

කොමදෝරු සුනිල් කුමාර් ප්‍රමුඛ ඉන්දීය ආරක්‍ෂක කළමනාකරණ විද්‍යාලයේ (College of Defence Management) නියෝජිත පිරිසක් අද (පෙබ 05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මෙම දූත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර  අනතුරුව ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

මෙම හමුව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ නියෝජිත කණ්ඩායම් ප්‍රධානියා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් යන නිලධාරීන් ද සහභාගි වූහ.