රණවිරු සේවා අධිකාරියේ නව සභාපති රාජකාරී අරඹයි

පෙබරවාරි 05, 2024

රණවිරු සේවා අධිකාරියේ 10 වන සභාපති ලෙස පත් කරනු ලැබූ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ (විශ්‍රාමික), 2024 පෙබරවාරි මස 2 දින කොළඹ පිහිටි සිය කාර්යාලයේදී නිල වශයෙන් එම ධුරයේ රාජකාරි අරඹන ලදි. අනතුරුව සභාපතිවරයා විසින් සියලු නිලධාරීන් අමතා විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

රණවිරු සේවා අධිකාරියේ හිටපු සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), දැනට උපසභාපතිනිය වශයෙන් මෙන්ම සෙනෙහස විශේෂ අධ්‍යාපන හා සම්පත් කේන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරිනිය වශයෙන් කටයුතු කරන සෝනියා කෝට්ටේගොඩ මහත්මිය ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.