'යුග යුග' කෘතිය එළිදක්වයි

පෙබරවාරි 10, 2024
  • උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගි විය.

යුධ හමුදා පොලිස් හේවා බළකායේ කර්නල් දිලිප සේරසිංහ විසින් රචිත “යුග යුග” ග්‍රන්ථය ඊයේ (පෙබ. 09) වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විය.

ශ්‍රි ලංකාවේ ක්‍රි.පූ. 103 දක්වා ඈත ඉතිහාසයකට එනම්, වළගම්බා රාජ සමය දක්වා දිවෙන ප්‍රබන්ධ කථාවන් ආශ්‍රයෙන් මෙම කෘතිය නිර්මාණය කරන ලද්දකි. කෘතිය එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයාගේ කථාව සිදුකරමින් ආරක්‍ෂක ලේකම්වරයා කර්නල් දිලීප සේරසිංහ ඔහු සමඟ යුධ සමයේදී එකට ගත කල කාලය පිළිබඳ සිහිපත් කරන ලද අතර, ඔහුගේ යහපත් ගතිපැවැතුම් හා දක්ෂතාවය ඇගයිමට ලක්කරන ලදි.

විශේෂාංග රැසකින් සමන්විත වු උත්කර්ෂවත් උත්සවයක් වු මෙම එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දෙසුම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අත්තනායක එම් හේරත් සිදුකල අතර, ග්‍රන්ථ විචාරය කථිකාචාර්ය අජිත් ක්‍රිෂාන්ත සේරම් විසින් සිදුකරන ලදි.

මෙම උත්සවයට ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් හරින්ද්‍ර පීරිස්, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, යුධ හමුදා පොලිස් හේවා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ක්ලිෆඩ් ද සොයිසා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.