ශ්‍රී ලංකා නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මාර්තු 28, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක අද (මාර්තු 28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් රියර් අද්මිරාල් රත්නායක උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේ දී රියර් අද්මිරාල් රත්නායක වෙත ඔහුගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය සුභ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ මාණ්ඩලික ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරින.