ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලයේ සභාපති සහ සාමාජිකයින්
කිහිප දෙනෙකුට පත්වීම් ලිපි

අප්‍රේල් 01, 2024

ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලයේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අද (අප්‍රේල් 1) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරන ලදි.

2024 අංක 7 දරන ජාතික ජලවිද්‍යාත්මක පනත යටතේ ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලය පිහිටුවා ඇත. මෙම ශාස්ත්‍රීය කවුන්සිලයෙහි අලුතින් පත් වූ සභාපති රියර් අද්මිරාල් සිසිර ජයකොඩි (විශ්‍රාමික) අද ආරක්‍ෂක ලේකම්වරයා අතින් ඔහුගේ කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඒ අනුව, රියර් අද්මිරාල් අශෝක විජේසිරිවර්ධන (විශ්‍රාමික) සහ රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම (විශ්‍රාමික) ආරක්‍ෂක ලේකම්වරයා අතින් පත්වීම් ලිපි ලබාගත් සෙසු සාමාජිකයින් වූහ. මෙම නිලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජල විද්‍යාඥයන් ලෙසත්, රජයේ ඒකාබද්ධ ප්‍රධාන ජල ශාස්ත්‍රිය විද්‍යාඥයන් ලෙසත් සේවය කර තිබීම විශේෂත්වයකි. ඔවුන් ජල විද්‍යාව සහ නාවික සිතියම් විද්‍යාව පිළිබඳ වෘත්තීයමය වශයෙන් ඉහල සුදුසුකම් ලබා ඇත.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ වැඩබලන අතිරේක ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානආරච්චි මහතාද සහභාගි වූහ.