ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අප්‍රේල් 02, 2024

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ දූත පිරිසක් අද (අප්‍රේල් 02) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙහිදී ප්‍රධාන කොමසාරිස් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා පවත්වන ලද 10 වැනි ජාතික බාලදක්‍ෂ ජම්බෝරිය සාර්ථක කර ගැනීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.

තවද ප්‍රධාන කොමසාරිස්වරයා සහ බ්‍රිගේඩියර් ජේපීඒ ජයවර්ධන එක්ව ජෙනරල් ගුණරත්න වෙත ඔවුන්ගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමින් සමරු ඵලකයක් ද ප්‍රදානය කළහ.

10 වැනි ජාතික බාලදක්‍ෂ ජම්බෝරිය පසුගිය 2024 පෙබරවාරි 20 සිට 26 දක්වා ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.