ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ අද එළිදක්වයි

දෙසැම්බර් 22, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ (SLAWFS) අද (දෙසැම්බර් 22) දින යුද හමුදා මූලස්ථානයේදී උත්සවාකාරව දියත් කරන අතර ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවිය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස ද සහභාගී විය.

ලොකයේ නවීකරණය වන යුද උපායන්ට සමගාමීව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟ පෙන්වීම යටතේ සිවිල්-හමුදා විද්වතුන්ගේ දායකත්වයෙන් මීලග වසර 5 වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ සකස් කර ඇත.

මෙම උත්සවයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ පිටපත් සම්භාවනීය අමුත්තන් අතර බෙදා දෙන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ලලිත් වීරතුංග සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරුන් වෙත සිහිවටන ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ අණදෙන නිලධාරී, ආරක්ෂක හමුදා අණදෙන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.