ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙතින් කාර්යමණ්ඩලයට
වියළි සලාක ඇසුරුම් පිරිනමයි

අප්‍රේල් 09, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙතින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය උදෙසා අමාත්‍යාංශයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වෙත වියළි සලාක ඇසුරුම් පිරිනැමීම අද (අප්‍රේල් 9) අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයෙහි සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මියගේ උදාර සංකල්පයක් මත මෙම උත්සවය සංවිධානය කර තිබු අතර ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අවස්ථාවට සහභාගී විය.

උත්සව සමයේ අමාත්‍යාංශ කාර්යමණ්ඩලය දිරිගැන්වීමක් ලෙස එහි සේවයේ නියුතු රියදුරන්, කාර්යාල කාර්ය සහායකයින්, සුළු සේවක මහත්ම මහත්මීන් ඇතුළු 200 කට අධික පිරිසකට මෙම වටිනා වියළි සලාක ප්‍රදානය සිදු කෙරිණි.

අතිරේක ලේකම් (පරිපාලන) ගාමිණී මහගමගේ මහතා, අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රතිපත්ති) ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය, ප්‍රධාන ගිණුම් නිලධාරිනී දීපිකා බුද්ධදාස මහත්මිය, හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒ්කකයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.