ජාතික ශිෂ්‍යභට බළකායේ නව අධ්‍යක්ෂවරයා හට පත්වීම් ලිපිය ප්‍රදානය කෙරේ

දෙසැම්බර් 31, 2020

 

ජාතික ශිෂ්‍යභට බළකායේ 13 වන අධ්‍යක්ෂවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පී.ඩබ්.බී. ජයසුන්දර මහතා පත් කර තිබේ.

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පී. ඩබ්. බී. ජයසුන්දර මහතා සිය පත්වීම් ලිපිය ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ සුරතින් ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (දෙසැම්බර් 30) දින ලබාගත්තේය.

මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගෙන් පසුව මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පී. බී. ඩබ්. ජයසුන්දර මහතා ජාතික ශිෂ්‍යභට බළකායේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී.