තුර්කි තනාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 01, 2021

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු ආර්. ඩෙමෙට් සෙකර්සියොලු මැතිනිය අද (ජනවාරි 01) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

ආරක්ෂක ලේකම් සහ තනාපතිනිය අතර ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබදව සාකච්ඡා කෙරිණි.  

ආරක්ෂක ලේකම්වරයා ජෙනරාල් තනතුරට උසස් වීම පිළිබඳව තානාපතිනිය විසින් ඔහු වෙත සිය සුබ පැතුම් එක් කරමින් නව වසරට සුබ පැතුම් ද එක් කරන ලදි .