ආරක්‍ෂක ලේකම් පාකිස්ථාන නාවික හමුදාපති හමුවෙයි

මැයි 02, 2025

මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 01) දින පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් නවීඩ් අෂ්රෆ් හමු වී ඔහු සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

ආරක්‍ෂක ලේකම්වරයා සමඟ මෙම ආරක්‍ෂක සංවාදයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ජයන්ත එදිරිසිංහ මහතා, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ද එක්ව සිටි.