පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක

මැයි 05, 2025

කොමදෝරු මුහම්මද් අලි ගේ ප්‍රධානත්වයෙන් යුතු පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක්, අද (මැයි 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක නිරත විය.

මෙම නියෝජිත පිරිස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වී ඔහු සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාවේදී ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන ක්‍ෂ්ත්‍රයේ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු සහ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු විය.

සංචාරය අතරතුර, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී සමඟ පුළුල් හා ආකර්ශනීය ප්‍රශ්නෝත්තර සැසියකට ද, පාකිස්ථාන නිලධාරීන් පිරිස සහභාගී විය.

තවද, මෙම අන්තර් ක්‍රියාකාරී සැසිය මගින් දෙපාර්ශවයටම කලාපීය ආරක්‍ෂක ගතිකත්වය, ආරක්‍ෂක ප්‍රතිපත්ති සහ ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ඉදිරි දැක්ම හා සම්බන්ධ කරුණු බෙදා ගැනීමට අවස්ථාවක් සැලසුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් ද, සහභාගී විය.