ආරක්‍ෂක අමාත්‍යාංශයේ ‘බක්මහ උලෙළ’ නියෝජ්‍ය ආරක්‍ෂක
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
මැයි 17, 2025
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද බක්මහ උලෙළ, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 16) දින ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබිය. සාම්ප්‍රදායික ජන ක්‍රීඩා, සිරිත් විරිත් සහ සංස්කෘතික සංදර්ශනවලින් වර්ණවත් වූ මෙම උත්සවය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය කරන හමුදා සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවක සුභසාධක සංගමය මගින් සම්බන්ධීකරණය කරන ලද මෙම උත්සවයට, සියලුම අංශවල කාර්ය මණ්ඩල සාමාජිකයින් උද්යෝගිමත් අයුරින් සහභාගී විය. ඒ ඔස්සේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු සියලු මට්ටම්වල නිලධාරීන් හා සාමාජිකයන් අතර මිත්‍රත්වය සහ එකමුතුභාවය පෝෂණය කරමින් ශ්‍රී ලාංකික ජන සමාජයේ සංස්කෘතික සම්ප්‍රදායන් සැමරීමට අවස්ථාව සලසාලන ලදී.
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ජාතික බුද්ධි ප්‍රධානී සහ හමුදා සම්බන්ධතා නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.
ඊයේ දින පැවති වැඩසටහන් අතරට සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා, සංස්කෘතික නර්තන හා සංගීත ප්‍රසංගයක් ද ඇතුළත් විය. ඒ අතුරින් උත්සවයේ 'අවුරුදු කුමරිය' සහ 'අවුරුදු කුමරා' තේරීමේ තරඟ කැපී පෙනුණි. කාර්ය මණ්ඩල සාමාජිකයින් අතුරින් රූමත් තරුණියන් හා කඩවසම් තරුණයන් සිංහල සාම්ප්‍රදායික ඇඳුමින් සැරසෙමින් එම තරඟ අවස්ථාවට වර්ණවත් බවක් සහ චමත්කාරයක් එක් කළහ.
උත්සවය අවසානයේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද පැවැත්වුණු අතර, ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විවිධ තරඟවලින් ජය ලැබූ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කළහ.
ශ්‍රී ලාංකික සම්ප්‍රදාය තුල වැදගත් අංගයක් ලෙස සැලකෙන සිංහල හා හින්දු අවුරුදු උත්සවයට සමගාමිව ආරක්‍ෂක අමාත්‍යාංශයේ පවත්වනු ලැබූ 'බක්මහ උළෙල' ඔස්සේ ආරක්‍ෂක අමාත්‍යංශයේ සාමාජිකයන් තුල සංස්කෘතික වටිනාකම් ආරක්‍ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.