''ලෝක සාගර කාන්තා දිනය'' ට සමගාමිව පවත්වනු ලබන කථිකාවත සදහා
සහභාගි වන මහා සාගර ක්ෂේත්‍රයේ කාන්තා පාර්ශ්විකයන්
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේ නිළ සංචාරයක
මැයි 26, 2025
මත්ද්‍රව්‍ය හා අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) , ගෝලීය සාගර අපරාධ වැඩසටහන (GMCP), සාගර සුරක්‍ෂිතතා සහ ආරක්‍ෂාව පිළිබඳ කණ්ඩායමේ (WGMSS) සහයෝගයෙන් ඉන්දියානු සාගර කලාපීය රටවල සංගමය (IORA) මැයි මස 18 වන දිනට යෙදෙන "ලෝක සාගර කාන්තා දිනය" ට සමගාමීව සංවිධානය කරන ලද මහා සාගර ක්ෂේත්‍රයේ කාන්තා පාර්ශ්විකයන් පිළිබද කථිකාවත සදහා සහභාගිවී සිටින Australia, Bangladesh, French, India, Kenya, Malagasy Republic, Maldives, Mauritania, Seychelles, Sri Lanka, Tanzania, United States යන රටවලට අයත් නියෝජිතයන් දහසයදෙනෙකු (16) ගෙන් සමන්විත කණ්ඩායම අද 2025 මැයි 22 දින ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේ නිළ සංචාරයක නිරත විය .
මෙම නිළ හමුවේදී , ශ්‍රී ලංකා වේ වෙරළබඩ සහ ගැඹුරු මුහුදු කලාපය ආශ්‍රිතව සිදු කෙරෙන නීති විරෝධී සංක්‍රමණ , මත්ද්‍රව්‍ය ජාවාරම වැනි මුහුදු මාර්ග ඔස්සේ සිදුකරණ විවිධ අපරාධ මැඩපැවැවත්වීම සදහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන කාර්යභාරය හා මැදිහත්වීම පිළිබදව දැනුවත් කිරීම සිදු කෙරිණ.
තවද , මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් කොමදෝරු මනෝජ් ලීලාරත්න ඇතුළු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේ දෙපාර්තමේන්තු ප්‍රධානින් පිරිසක් සහභාගිවී සිටියහ.
අනුග්‍රහය - coastguard.gov.lk