ජාතික ජල ශාස්ත්‍රඥ නිලධාරී ආරක්‍ෂක ලේකම් හමුවෙයි
මැයි 27, 2025ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රඥ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සඳුදා (මැයි 26) දින, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
මෙම හමුව ශ්‍රී ලංකාව තුළ ජල ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රයේ මෑත කාලීන දියුණුව කෙරෙහි අවධානය යොමු කළ වැදගත් හමුවක් වූ අතර, මෙහිදී මෙම තීරණාත්මක ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා වන අනාගත උපාය මාර්ග සබැඳිව ගවේෂණය කළේය.
ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන මුලපිරීම් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ නිලධාරීන් දෙදෙනා සාකච්ඡා කළ අතර, එමඟින් මෙම ක්ෂේත්‍රයේ පුළුල් කලාපීය අවශ්‍යතා සපුරාලමින් ජාතික බැඳීම් සපුරාලීමට අප රට වඩා හොඳින් ස්ථානගත කර ඇති බවද, සහතික කෙරිණි.
කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ රටක් බව සහතික කරමින්, උපායමාර්ගික ජාතික ප්‍රමුඛතාවයක් ලෙස ජල ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය සිය අඛණ්ඩ සහයෝගය මෙම හමුවේදී නැවත තහවුරු කළේය.