කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය 2025 ලෝක පරිසර දිනය සමරයි
ජුනි 07, 20252025 ලෝක පරිසර දිනයට සමගාමීව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය ජුනි 5 උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී "අපගේ ග්‍රහලෝකය, අපගේ වගකීම" යන තේමාව යටතේ අනුස්මරණ උත්සවයක් සංවිධානය කළේය. එහිදි පාරිසරික ආරක්‍ෂාව සහ තිරසාර භාවිතයන් සඳහා කැපවීමේ අවශ්‍යතාවය ඉස්මතු කළේය.
පෙ.ව. 9:00 ට ආරම්භ වූ මෙම වැඩසටහන ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, පාරිසරික උපදේශකයින් මෙන්ම ආරක්‍ෂක සහ විශ්වවිද්‍යාල ප්‍රජාවේ සාමාජිකයින් පාරිසරික අවශ්‍යතාව කෙරෙහි සාමූහික අවධානය යොමු කරන අවස්ථාවක් විය.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මැතිතුමා සහභාගී වූ අතර, පිරිසිදු බලශක්තිය සහ පාරිසරික තිරසාරභාවය සඳහා රජයේ කැපවීම අවධාරණය කළේය. ගෞරවනීය අමුත්තන් අතරට ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (ආචාර ධර්ම) දුලිප් සොමිරත්න මහතා ඇතුළත් වූ අතර, ඔහු පාරිසරික පාලනයේ ජාතික මට්ටමේ සදාචාරාත්මක වගකීම පිළිබඳව කරුණු මතු කළේය.
මෙම අවස්ථාවට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරල් දම්මික කුමාර මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, පීඨ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහභාගී වූ අතර, අධ්‍යයන හා ආරක්‍ෂක ක්ෂේත්‍ර හරහා පාරිසරික දැනුවත්භාවය සඳහා කොතලාවල විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ප්‍රවේශය මෙමගින් පිළිබිඹු විය.
මෙම වැඩසටහන මගින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තිරසාරභාවය සඳහා වූ තම කැපවීම තහවුරු කළ අතර, ඊළඟ පරම්පරාවේ නායකයින් ඔවුන්ගේ අධ්‍යයන හා වෘත්තීය ජීවිතයේ කොටසක් ලෙස පාරිසරික වගකීම ඉටු කිරීමට දිරිමත් කළේය.