වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස 
 නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා පත් කෙරේ                        
                        
                          ජුනි 11, 2025                            
                        
                    ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier මැතිතුමාගේ ආරාධනයෙන් ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ (ජුනි 10) දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ හතරක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව තුල වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පත්කර ඇත.