වියට්නාම තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ජුනි 18, 2025වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි, ගරු Trinh Thi Tam මැතිණිය, අද (ජුනි 18) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
මෙම සුහද හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා සහ වියට්නාම නියෝජිතවරිය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව ඵලදායී සාකච්ඡාවක නිරත විය. වසර ගණනාවක් පුරා පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව ඔවුන් සිහිපත් කළ අතර, එමඟින් දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවයද අවධාරණය කෙරිණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර බුදු දහම හරහා ගැඹුරින් මුල් බැසගත් සංස්කෘතික හා ආගමික උරුමයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. තවදුරටත් ජාතීන් දෙක අතර අන්‍යෝන්‍ය අවබෝධය අඛණ්ඩව වර්ධනය කරන අධ්‍යාත්මික හා සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම අවදානය යොමුවිය.
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැඩිදියුණු කිරීම සහ විවිධ අංශ හරහා හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ කැපවීම නැවත තහවුරු කරමින්, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල තවදුරටත් සහයෝගීතාවය ඉහල නැංවීම කෙරෙහිද මෙම හමුවේදී සාකච්ඡා විය.
ආරක්‍ෂක ලේකම්වරයා තානාපතිනියගේ සංචාරය පිළිබඳව සිය කෘතඥතාව පළ කල අතර, දෙරටේ යහපත උදෙසා වියට්නාමය සමඟ මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව සැමවිටම සූදානම් බව නැවත අවධාරණය කළේය.