යුධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වැඩ භාර ගනී
ජුනි 27, 2025ශ්‍රී ලංකා යුද හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී, එන්පීඑස්, පීඑස්සී පත් කර තිබේ. අභිනවයෙන් පත් වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද හමුදා මූලස්ථානයේ බ්‍රහස්පතින්දා (ජුනි 26) පැවති උත්සවයකදී නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
ඉතා පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සිය ධුරයේ රාජකාරි භාරගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථානයේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති (මධ්‍යම) සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් දරණ ලදි.