ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ
18 වන වාර්ෂික අන්තර්ජාතික පර්යේෂණ සමුළුව

ජුලි 03, 2025

“තිරසාර ප්‍රගතිය සඳහා අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයන පර්යේෂණ සීමාවන් සාක්ෂාත් කර ගැනීම” යන ප්‍රධාන තේමාව යටතේ 2025 සැප්තැම්බර් මස 30 සහ ඔක්තොම්බර් 01 යන දෙදින විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී මෙම සමුළුව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

අධ්‍යයන පර්යේෂකයින් හට තම විස්තීර්ණ පර්යේෂණ සාරාංශයන් හෝ පූර්ණ පර්යේෂණ පත්‍රිකා මෙම සමුළුව වෙත ඉදිරිපත් කල හැකි අතර, එම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2025 ජූලි මස 07 වෙනි දින වේ.

වසර ගණනාවක් පුරා කොතලාවල විශ්ව විද්‍යාලය වෙතින් සංවිධානය කරනු ලබන මෙම පර්යේෂණ සමුළුව පුළුල් අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයන පරාසයක විහිදී සිටින විවිධ පර්යේෂකයින්, විද්වතුන්, වෘත්තිකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක් රැස් කිරීමේ ප්‍රමුඛ වේදිකාවක් වන අතර, එමගින් අර්ථවත් සාකච්ඡා සහ සංවාදයන්හි නිරත වීමටත්, ගෝලීය අභියෝග ආමන්ත්‍රණය කරන සමකාලීන ඵලදායී පර්යේෂණ දැනුම බෙදා ගැනීමටත් හැකි වේ.

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය අන්තර්ජාතික පර්යේෂණ සමුළුවෙහි අරමුණ වන්නේ අන්තර් විෂය සහයෝගීතාවය වර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා නව ප්‍රවේශයන් දිරිමත් කිරීමයි. මෙම සමුළුව ආරක්‍ෂක සහ උපායමාර්ග අධ්‍යයන, කළමනාකරණ, සමාජවිද්‍යා සහ මානව ශාස්ත්‍ර, නීතිය, නියමිත පරිසර සහ අවකාශීය විද්‍යාව, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, මුලික ව්‍යවහාරික විද්‍යාව සහ සම සෞඛ්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රවල නියැලී සිටින අධ්‍යයන පර්යේෂකයන්ගේ ප්‍රවීණතාවයන් ඔප් නැංවීම සඳහා ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා යොමු කිරීමට දිරිමත් කරයි.

මෙම අධ්‍යයන සංසදයේ සාර්ථකත්වය සඳහා සියළු විශ්ව විද්‍යාලවල සහභාගීත්වය වටිනා දායකත්වයක් සපයනු ඇති අතර, විද්වතුන්, වෘත්තිකයින් සහ පර්යේෂකයින් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය පර්යේෂණ සමුළුව 2025 වෙත සාදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තු වෙමු.