නව එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ජුලි 03, 2025කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස නව පත්වීම් ලබා පැමිණි ලුතිනන් කර්නල් මැතිව් හවුස් අද (ජූලි 03) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
මෙම හමුව අතරතුර, නිලධාරීන් දෙදෙනාම ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම, අනොන්‍යය අවබෝධය වර්ධනය කිරීම සහ දෙරට අතර සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කිරීම ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරමින් සුහද සාකච්ඡාවක නිරත වූහ. මෙම සංචාරය දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය සහ කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහා වූ හවුල් කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.
නව ආරක්‍ෂක උපදේශකවරයාගේ නිල පත්වීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය සුභ පැතුම් එක් කළ අතර, එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද තිරසාර සහයෝගය සහ හවුල්කාරිත්වය වෙනුවෙන්ද සිය කෘතඥතාව පළ කළේය.
මෙම රැස්වීම ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්‍ෂාව සහ උපායමාර්ගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ දෙරටේම පොදු දැක්ම නැවත තහවුරු කරන අතර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ද මෙම අවස්ථාවට සහභාගී විය.