බංග්ලාදේශ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 05, 2021

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි මහතා අද (ජනවාරි 05) දින ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශයේදී හමුවිය.

මෙහිදී ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක උපදේශකවරයා, ද්විපාර්ශ්වික වැදගත්කම සහ අන්‍යෝන්‍ය සුහදත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ බංග්ලාදේශ ආරක්ෂක උපදේශකවරයා සමරු තිළිණ හුවමාරු කර ගත්හ.