රණජයපුර රණවිරු නිවාස සංකීර්ණයේ ගැටළු විසඳීම
ජුලි 23, 2025රණවිරු පවුල් සඳහා නේවාසික පහසුකම් සපයා දීමේ අරමුණින් ඉදිකර ඇති ඉපලෝගම රණජයපුර රණවිරු නිවාස සංකීර්ණය තුළ දිගුකාලිනව ඉස්මතුව පවතින ගැටළු විසඳීම සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසු ගිය බ්‍රහස්පතින්දා (ජූලි 17) රැස්වීමක් පැවැත්විය. විශ්‍රාමික, ආබාධිත සහ සේවය කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත පදිංචිකරුවන් මුහුණ දෙන, දැවෙන ගැටළු විමර්ශනය කිරීම සහ විසඳීම සඳහා කැපවූ කමිටුවක් පත් කිරීම මගින් තිරසාර ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙම රැස්වීම අතරතුර, අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා) සමන් දිසානායක මහතා නිවාස සංකීර්ණය පිහිටු වීමෙන් පසු මතුව ඇති ගැටළු ඉස්මතු කරමින් පුළුල් ඉදිරිපත් කිරීමක් සිදු කළේය.
2009 දී ආරම්භ කරන ලද රණජයපුර ත්‍රිවිධ හමුදා නිවාස සංකීර්ණය ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ අක්කර 180 ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇත. එය නිවාස ඒකක 1,509 කින් සමන්විත වන අතර දැනට පදිංචිකරුවන් 7,000 කට ආසන්න සංඛ්‍යාවකගේ නිවහන බවට පත්ව තිබේ. දැයේ රණවිරුවන්ට ගෞරවය පිනිස සහ ඔවුන්ට සහය වීම සඳහා නිර්මාණය කර ඇති මෙම සංකීර්ණයේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වන කාපට් කළ මාර්ග, කොන්ක්‍රීට් ජලාපවහන පද්ධතියක් සහ පාසල්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, සෞඛ්‍ය මධ්‍යස්ථාන, වෙළඳසැල්, බැංකු සහ ජල නල පහසුකම් ඇතුළු පහසුකම් වලින් සමන් විත වේ.
කාලයත් සමඟ මෙම ත්‍රිවිධ හමුදා නිවාස සංකීරනයෙ තීරණාත්මක ගැටළු කිහිපයක් මතු වී තිබේ. එහිදි බොහෝ පදින්චි නොවු නිවාස නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් අබලන් තත්වයට පත්වීම, ඉදිකළ අලි වැට නිසි පරිදි නඩත්තු නොවීම, ප්‍රාදේශීය පොලිස් ස්ථානයේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම, යුද්ධ හමුදා සේවා වනිතා අංශය මඟින් කළමනාකරණය කරන පෙර පාසලේ අක්‍රමවත් ජල විදුලි මීටරයෙහි කියවීම් සහ සුදුසු කසළ කළමනාකරණ පද්ධතියක් නොමැතිකම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. තවදුරටත්, ප්‍රමිතියෙන් තොර ජලාපවහනය සහ මාර්ග තත්වයන්, ඉඩම් සහ නිවාස හිමිකාරිත්වය පැවරීම් සම්බන්ධ නොවිසඳුනු ගැටළු සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම, ආබාධිත දීමනා සහ නේවාසික රණවිරුවන්ගේ නිල උසස්වීම් පිළිබඳ කල් පවතින දුක්ගැනවිලි පිළිබඳ මෙහි දි අවදානය යොමු විය.
යුද ප්‍රවීණයන්ගේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම අවධාරණය කරමින්, මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) අදාළ පාර්ශවකරුවන්ට වහාම මතුව අති ගැටළු නිරාකරනයට අවශ්‍යය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන්නේය. රටදැය වෙනුවෙන් සේවය කළ උදාර රණවිරුවන්ගේ ගෞරවය සුරක්‍ෂිත කිරීමේ වැදගත්කම සහ ඔවුන්ට හිමි ගෞරවය පිළිබිඹු කරන බව සහතික කිරීමේ වැදගත්කම ද ඔහු තවදුරටත් අවධාරනය කලේය.