ප්‍රංශ තානාපතිවරයා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
අගෝස්තු 01, 2025ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මැතිතුමා ඊයේ (ජූලි 31) දින කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
සුහද හමුව අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ප්‍රංශ තානාපතිවරයා ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ආරක්‍ෂාව මෙන්ම, හමුදාමය ශක්තීන් වර්ධනය කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව අවස්ථා පිළිබඳ සොයාබැලීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාව සමඟ ප්‍රංශයේ තිරසාර සම්බන්ධතාවය සහ වටිනා සහයෝගීතාවය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා අවංක කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පිහිටා ඇති සමුද්‍රීය අධ්‍යයන සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය වෙත ලබා දෙනු ලබන දායකත්වයන් පිළිබඳවද ස්තූති පුර්වකව සිහිපත් කළේය.
වත්මන් කලාපීය ආරක්‍ෂක තත්ත්වයන් පිළිබඳ ඉදිරි දර්ශන හුවමාරු කර ගැනීමට සහ අනාගත ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා විභව ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට මෙම රැස්වීම ඵලදායී අවස්ථාවක් විය.
ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Paltriaux ද, මෙම අවස්ථාවට සහභාගී විය.