ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් රත්මලාන අන්ධ විද්‍යාලය වෙත ප්‍රජා සත්කාරයක්
අගෝස්තු 25, 2025රත්මලාන අන්ධ විද්‍යාලය විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය සහ ඔවුන් බලගැන්වීම සඳහා කැප වූ පුරෝගාමී ආයතනයක් වේ. එම පාසලේ කාර්ය මණ්ඩලයේ, ආදි ශිෂ්‍යයන්ගේ සහ එම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුභ වෙරදරණන්ගේ නොසැලෙන සහායෝගය ඇතිව ශිෂ්‍ය පරම්පරා ගණනාවක් මේ වන විට පෝෂණය කර ඇත.
සමාජ වගකීම සහ සියලු සමාජ ඉස්තරයන් සඳහා දක්වන සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින්, ආරක්‍ෂක අමාත්‍යාංශය අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා රත්මලාන අන්ධ විද්‍යාලය විසින් සංවිධානය කරන සිව්දින යාපනය සංචාරය සදහා සහාය ලබාදීමට ඉදිරිපත් වී ඇත.
මෙම සහාය පළකිරීම අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් අද (අගෝ 25) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ ද ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු අවස්ථාවේදි සිදුවිය.
මෙම මුලපිරීම මඟින් අමාත්‍යාංශය විසින් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා ලබාදෙන සමාජ වගකීම පිළිබඳ ගැඹුරු අවබෝධය සහ පුළුල් දැක්ම අවධාරණය වේ. එය, අවධානමට ලක්විය හැකි ප්‍රජාවන් සවිබල ගැන්වීමේ සත්කාරශීලී ප්‍රවේශයක් සනාථ කරන අතර, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා කැපවීමද පෙන්නුම් කරයි.