නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සඳහා වන කැපවීම යළි තහවුරු කරයි
සැප්තැම්බර් 01, 2025නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), පසුගිය අගෝස්තු 29 සහ 30 යන දිනවල කුරුණෑගල, පාන්ගොල්ලේ පිහිටි අභිමංසල - 3 සහ අනුරාධපුරයේ පිහිටි අභිමංසල - 1 රණවිරු සුවතා මධ්‍යස්ථානවල නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. මෙම සංචාර තුලින් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පවතින පුළුල් සුභසාධන දැක්ම පමණක් නොව, ආබාධිත රණවිරුවන්ගේ යහපැවැත්ම, රැකවරණය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම ද පිළිබිඹු විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ස්ථාපිත අභිමංසල යනු පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වු විරෝධාර රණවිරුවන් සඳහා ඔවුන්ගේ ඉදිරි ජීවිතය ස්වභාවිකව ගතකිරීම සඳහාම නිර්මාණය කර ඇති සුවසහන නිකේතනයකි.
ආබාධිත රණවිරුවන් හට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම රැකවරණය ලබා දෙන මෙම මධ්‍යස්ථාන තුලින්, වෛද්‍ය උපදේශන, කෘත්‍රිම සහ විකලාංග සහාය, භෞත චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය උපදේශනය ඇතුළු පුළුල් පරාසයක සේවාවන් සපයන අතර, සෑම රණවිරුවෙකුටම ලැබිය යුතු අවධානය, ගෞරවය සහ පිළිගැනීම ලැබෙන බවට සහතික කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර, සුවසහන නිකේතන මධ්‍යස්ථාන දෙකෙහිම නේවාසික රණවිරුවන් සමඟ පෞද්ගලිකව සම්බන්ධ වී, ඔවුන්ගේ අත්දැකීම්වලට සවන් දුන් අතර, ඔවුන්ගේ සුභසාධනය සඳහා අමාත්‍යාංශයේ නොසැලෙන කැපවීම සහතික කළේය. ජාතික සාමය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙම විරෝදාර රණවිරුවන් විසින් සිදුකරන ලද අතිමහත් කැපකිරීම් වෙනුවෙන් අමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ත රජය දක්වන අතිමහත් පිළිගැනීම ඔහුගේ එම දයානුකම්පිත ප්‍රවේශය මගින් අවධාරණය කෙරිණි.
තවදුරටත‍්, මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) එම සුවසහන මධ්‍යස්ථාන වල සුවතා හා පුනරුත්ථාපන ක්‍රියාවලිය අධීක්‍ෂණය කරන සහ මෙහෙයුම් සමාලෝචනය කරන නිලධාරීන් සමඟ එම සේවාවන් අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් සාකච්ඡා පැවැත්වීය. ඔහුගේ නිරීක්‍ෂණ හා යෝජනා මගින් මෙම පහසුකම්වල ලබා දෙන සත්කාරයේ ප්‍රමිතිය පවත්වා ගැනීමට පමණක් නොව ඉහළ නැංවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අරමුණ ඉස්මතු කර දැක්වීය.
අභිමංසල මධ්‍යස්ථාන වෙත සිදුකරන ලද නිරීක්‍ෂණ චාරිකා මගින් අපගේ මාතෘ භුමියේ හා සමස්ත ජාතියේ ආරක්‍ෂකයින් වන විරෝධාර රණවිරුවන් වෙනුවෙන් සිදු කළයුතු යුතුකම යුධ පිටියෙන් ඔබ්බට විහිදෙන බව සිහිපත් කරනු ලබයි. තිරසාර සත්කාර ක්‍රියාවලියක් සහ පරිපූර්ණ පුනරුත්ථාපන වැඩසටහන් තුළින්, දැනට ආබාධිතව පසු වුවද යුධ බිමේදී මෙම රණවිරුවන් දැක්වූ නිර්භීතභාවය සහ පරිත්‍යාගයන් ඉමහත් ගෞරවයෙන්, අනුකම්පාවෙන් සහ නොසැලෙන සහයෝගයෙන් ඇගයීමට ලක්වන බව ආරක්‍ෂක අමාත්‍යාංශය සහතික කරයි.
කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නාමල් සුදර්ශන, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය සේන නානායක්කාර සහ නිමල් පලිහේන යන අය ද මෙම අවස්ථාවන් සඳහා සම්බන්ධ වූහ.