ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි
සැප්තැම්බර් 01, 2025මේජර් ජෙනරල් Pawanpal Singh ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් අද (සැප්තැම්බර් 01) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිනි ජ්‍යෙෂ්ඨ විදේශීය හමුදා නිලධාරීන්ගෙන් සමන්විත ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිස සිය සංචාරය අතරතුර ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය. එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් සංචාරක දූත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
මෙම හමුවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් Anand Mukundan ද සහභාගී විය.