ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

සැප්තැම්බර් 02, 2025

මේජර් ජෙනරල් Pawanpal Singh ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ඊයේ (සැප් 01) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිට් ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක යෙදී සිටින ජ්‍යෙෂ්ඨ විදේශීය හමුදා නිලධාරීන්ගෙන් සමන්විත එම  දූත පිරිස  ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර. එහිදී  දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර ආවරණය කරමින් සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ සහකාර ආරක්‍ෂක උපදේශක ද, සහභාගී වූහ.