නීලගිරිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක
අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණයෙන්
සැප්තැම්බර් 08, 2025
නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ලාහුගල වනෝද්‍යානයට මැදි වු හුදකලා සුන්දර පරිසරයක මෙම ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටා තිබේ.
පසුගිය යුධ සමයේදී ප්‍රදේශයේ පැවති අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් වසර ගණනාවක් අවධානයට ලක්ව නොතිබූ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධික්‍ෂණය යටතේ 2022 වර්ෂයේ ජනවාරි මස 16 දින ආරම්භ කරනු ලැබීය. නා උයන ආරණ්‍ය සේනාසනය ප්‍රමුඛ දෙස් විදෙස් බෞද්ධ ජනයාගේ ධන පරිත්‍යාගයෙන් ඒ සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය ලබා දෙන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයන් ඊට අවශ්‍ය ශ්‍රම දායත්වය ලබාදෙමින් එහි ඉදි කිරීම් කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.
නැගෙනහිර පළාතේ දීඝවාපී චෛත්‍යට පමණක් දෙවැනි වන මෙම සුවිශේෂි ස්ථුපයේ ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී මෙම නාමයෙන් නිර්මාණය කරන ලද ස්ථුපයක් පිලිබඳ නිරවද්‍ය තොරතුරු මෙරට ඉතිහාස මුලශ්‍රයන්හි පැහැදිලිව සඳහන් නොවන නමුත් එය මහාධාඨික මහානාග රජු විසින් කරන ලද පාෂාණ දීපිකා විහාරය බවට එක් මතයක් ද පුරාණ රෝහණ රාජ්‍යයට අයත්ව පිහිටා ඇති මෙම ස්ථුපය, කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද මහා නුග්ගල චෛත්‍යය බවට තවත් මතයක් ද පළ වී ඇත.
එමෙන්ම, ක්‍රි:පු 03 වන සියවසට අයත් සෙල්ලිපියකට අනුව “විය හාවිය” නැමැති පුද්ගලයෙකු විසින් අරියවංශ සූත්‍ර දේශණය පැවැත්වීම සඳහා කුලබරිය මහා විහාරයට කහවනු 20 ක් පරිත්‍යාග කල බව සඳහන් වන අතර, එහි දැක්වෙන “කුල බරිය මහා විහාර” යන නාමය අතීතයේ දී නීලගිරි මහා සෑයට ව්‍යවහාර කරන ලද අන්වර්ථ නාමයක් බවට ද අනුමාන කෙරේ.
තවද, මෙම පරිශ්‍රයේ සිදුකළ පුරාවිද්‍යා කැණීම් කටයුතු වලදී මහා රහතන් වහන්සේලාගේ යැයි අනුමාන කරන ධාතුන් විශාල ප්‍රමාණයක් හමුව ඇති බැවින්, මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක මෙන්ම ආගමික වශයෙන්ද වැදගත් ස්ථානයක් බවට සාධක ඉස්මතු වී තිබේ.
ඉදිකිරීම් අවසානයේදී උස අඩි 215 ක් වීමට නියමිත නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පුර්ණ කිරීම සඳහා අනුමාන වශයෙන් ගඩොල් 5,145,000 ක ප්‍රමාණයක් අවශ්‍ය වන බවට ගණන් බලා තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු භාරගන්නා විට එහි උස අඩි 22 ක් පමණ වූ අතර, මේ වන විට චෛත්‍යයේ සම්පුර්ණ කර ඇති මුළු උස අඩි 51 යි අඟල් 5 ක් පමණ වේ.
නීලගිරිය මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගුවන් හමුදා හා සිවිල් ආරක්‍ෂක සාමාජිකයින් 150 දෙනෙකුගේ ශ්‍රම දායකත්වය නොඅඩුව ලබා දෙන අතර, එහි සියලු ඉදිකිරීම් කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුර්ණ අධික්‍ෂණය යටතේ සිදු කෙරෙනු ඇත.