ආරක්‍ෂක ලේකම්වරයා චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල
ශිෂ්‍ය සංගමයේ 5 වැනි සංවත්සර උළෙලට සහභාගී වේ
සැප්තැම්බර් 15, 2025
චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ 5 වැනි සංවත්සරය සැප්. 14 දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේ දී චීන ජනරජයේ තානාපති, ගරු Qi Zhenhong මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ගරු ආරාධිත අමුත්තා වශයෙන් එම අවස්ථාවට සහභාගී විය.
එහිදී ප්‍රධාන දේශනය සිදු කල ආරක්‍ෂක ලේකම්වරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන අන්තර් සහයෝගිතාව සහ අන්‍යොන්‍ය වටිනාකම් පිළිබඳ අවධාරණය කළේය.
අධිරාජ්‍යවාදි පාලනයන්ට එරෙහිව නැගී සිටීම සඳහා දෙරට අතර පැවති සහසම්බන්ධතාවය, ස්වෛරීත්වය වෙනුවෙන් අප අතර පවතින අන්‍යොන්‍ය ගෞරවය සහ සාමකාමී සංවර්ධනය සඳහා අපගේ එක්වූ කැපවීම, ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වය සඳහා ශක්තිමත් පදනම වේ, යැයි ආරක්‍ෂක ලේකම්වරයා මෙම අවස්ථාවේ සඳහන් කල අතර, අතීතයේ පටන් වර්තමානය දක්වා වන ඓතිහාසික මතකයන් ආරක්‍ෂා කිරීම, ගෝලීය වශයෙන් සාධාරණ ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය ඉදිරියේදීත් එකිනෙකාට සහය දක්වනු ඇති බව ද අවධාරණය කළේය.
චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ පිහිටුවීමේ අරමුණ වන්නේ එහි උපාධිධාරීන්, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ට අයත් නිලධාරීන් අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කිරීමයි. එමෙන්ම, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා වෘත්තීය සම්බන්ධතා ජාලයක් සහ සම්පත් එකතුවක් ප්‍රවර්ධනය කිරීම ද මෙහි අපේක්‍ෂාවකි.
මෙම උත්සවයට වත්මන් යුද්ධ හමුදා හා ගුවන් හමුදා හමුදාපතිවරුන්, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, තානාපති කාර්යාල නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර, ඒ ඔස්සේ දෙරට අතර පවතින ආරක්‍ෂක සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වල වැදගත්කම විදහා දැක්වීය.
මෙම උත්සවය චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය හරහා වර්ධනය වූ උසස් වෘත්තිමය හමුදා අධ්‍යාපනය, උපායමය සංවාද සහ අන්‍යොන්‍ය ගෞරවය යන ශක්තිමත් සබඳතා යළිත් තහවුරු කිරීමේ වේදිකාවක් විය.