ආරක්‍ෂක ලේකම්වරයා වෙත සංකේතාත්මකව පොපි මලක් පළඳවයි

සැප්තැම්බර් 25, 2025

ජාත්‍යන්තර පොපි මල් දින සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ (SLESA) නියෝජිත පිරිසක් අද (සැප්තැම්බර් 25) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවූ අවස්ථාවේදී ඔහු වෙත සංකේතාත්මකව පොපි මලක් උත්සවාකාරයෙන් පැළඳවීය.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය ගේ නායකත්වයෙන් යුත් එම නියෝජිත පිරිස අද උදෑසන ආරක්‍ෂක ලේකම්වරයා ඔහුගේ කාර්යාලයේදී හමුවිය. එහිදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නියෝජිත පිරිසට එහි පොපි මල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් මහින්ද මුදලිගේ ද එක් වු අතර, ඔහු විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත පොපි මලක් පැළඳවීය.

ඉන් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නියෝජිත පිරිස සමඟ සුහද සාකච්ඡාවක ද නිරත විය.

පළමු ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජකාරියේ යෙදී සිටියදී මියගිය සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර පොපි මල් දිනය සමරනු ලබයි.