මොන්ගෝලියානු ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

සැප්තැම්බර් 25, 2025

ශ්‍රී ලංකාවේ මොන්ගෝලියානු ආරක්‍ෂක උපදේශක කර්නල් Odsuren Zayat අද (සැප්තැම්බර් 25) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

නියෝජ්‍ය අමාත්‍යවරයා කර්නල් Zayat ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිලිබද සුහද සාකච්ඡාවක නිරත විය.

කර්නල් Zayat පසුගියදා (සැප්තැම්බර්, 23) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද හමුවිය. එහිදී ආරක්‍ෂක සහයෝගීතාව සහ හුවමාරුව යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය.

මෙම හමුවීම් මොංගෝලියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඵලදායී හා සාර්ථක ඉදිරි පියවරක් සනිටුහන් කළේය.