ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

සැප්තැම්බර් 25, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මහතා අද (සැප්. 25) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් ප්‍රංශ තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඔහු සමඟ සුහද පිළිසදරක නිරත විය.

මෙම හමුව, විශේෂයෙන්ම ආරක්‍ෂක ක්ෂේත්‍රය සහ සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන උපායමාර්ගික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යොන්‍ය කැපවීම පෙන්නුම් කරන අවස්ථාවක් විය.

ප්‍රංශ රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළ අතර, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන සිය කැපවීම ද යලි තහවුරු කළේය.