12 වැනි ගාලු කථිකාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කොළඹදී ආරම්භ වේ
සැප්තැම්බර් 24, 2025‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන ලද 12 වැනි ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය - 2025 පසුගියදා (සැප්තැම්බර් 24) දින ආරම්භ විය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් 12 වැනි ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබීය.
“Maritime Outlook of the Indian Ocean under Changing Dynamics” යන තේමාව ඔස්සේ සංවිධානය කොට තිබු මෙවර සම්මන්ත්‍රණයේ දී සමුද්‍රීය පරිසරය, සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය, සමුද්‍රීය තිරසාරත්වය යන ප්‍රධාන කරුණු ආවරණය වන පරිදි සමුද්‍රීය ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් විද්වත් සාකච්ඡා හා අදහස් හුවමාරු කර ගැනීම සිදු කරනු ලබයි.
කලාපීය සමුද්‍රීය සහයෝගීතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරී කාර්යභාරය අවධාරණය කරමින්, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද, මෙම අවස්ථාවට එක් වූ අතර, ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් ද, මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නාවික හමුදාපතිවරයා විසින් මෙවර සමුළුව පැවැත්වීමට අදාළ පසුබිම පිළිබඳ විස්තර ඉදිරිපත් කරමින් පිළිගැනීමේ දේශනය පැවැත්වූ අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් සමුළුවේ තේමාව පිළිබඳ පැහැදිලි කරන ලදී. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූවාය.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 37ක සහ ජාත්‍යන්තර නියෝජිතයින්, නාවික හා වෙරළාරක්‍ෂක ප්‍රධානීන්, සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් සහ ජ්‍යෙෂ්ඨ සමුද්‍රීය වෘත්තිකයන් මෙන්ම, ජාත්‍යන්තර සංවිධාන 14 ක නියෝජිතයින් ද, මෙම සමුළුව සඳහා එක් ව සිටියහ. විශේෂයෙන්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ත්‍රිවිධ හමුදාපතිවරුන්, හිටපු නාවික හමුදාපතිවරුන් සහ තානාපති කාර්යාල නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද, උත්සවයට සහභාගී වූහ.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී, දේශගුණික විපර්යාස, සාගර ආශ්‍රිත ප්‍රවාහන මාර්ග සුරක්‍ෂිත කිරීම, සාගර කලාප තුල පරිපාලනය ඉදිරියට පවත්වාගෙන යාම මෙන්ම, ආර්ථික වර්ධනය සමඟින් පාරිසරික වගකීම් සමතුලිත කිරීම ඇතුළු ප්‍රධාන අභියෝග රාශියක් පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ඇත.
වර්ෂ 2010 දී මුල් වරට ආරම්භ කෙරෙනු ගාලු කථිකාවත සමුද්‍රීය සම්මන්ත්‍රණයේ පළමු අදියරේ සිට දොළොස්වන අදියර දක්වා විකාශනය වූ කාලසීමාව තුල ජාත්‍යන්තර සමුද්‍රීය දින දර්ශනයේ කැපී පෙනෙන අංගයක් බවට පත්ව ඇති අතර, එය ඉන්දියානු සාගර කලාපයේ නාවික ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සහ ආරක්‍ෂාව පෝෂණය කිරීම සඳහා කේන්ද්‍රීය වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාවේ වැදගත්කම යළිත් තහවුරු කරයි.