මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සර සැමරුම් උත්සවය
කොළඹ දී පැවැත්වේ
සැප්තැම්බර් 26, 2025
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සර සැමරුම් උත්සවය ඊයේ (සැප්තැම්බර් 25) දින කොළඹ 'City of Dreams' හෝටල් පරිශ්‍රයේදී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මැතිතුමා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද, මෙම උත්සවයට සහභාගී වූහ.
එහිදී සභාව ඇමතු ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Qi Zhenhong මැතිතුමා දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ කරුණු ඉස්මතු කළේය.
සියවස් ගණනාවක සාම්ප්‍රදායික චීන සංස්කෘතික උරුමයේ පොහොසත්කම විදහා දක්වන සංස්කෘතික අංග මාලාවකින් උත්සවය විචිත්‍රවත් විය. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන්, නියෝජ්‍ය කථානායක ඇතුළු පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්, හිටපු අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.